වගන්තිය 1: රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පෙළ
(1) මෙහි ඇතුළත් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම,
ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමෙහි දී ද, ශ්‍රී
ලංකාවෙහි රාජ්‍යනුශාසනයෙහි දී ද, පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා
සහ අමාත්‍ය මණ්ඩලය විසින් ගුරුකොට ගනු ලබන්නේ ය.
(2) මතු දැක්වෙන අරමුණ ද ඇතුළත් ව ප්‍රජාතාන්තික සමාජවාදී
සමාජයක් ශ්‍රී ලංකාවෙහි ඇති කිරීමට රජය ඇප කැප වී ඇත්තේ ය -
(අ) සියලු තැනැත්තන්ගේ ම මූලික අයිතිවාසිකම් සහ නන්
වැදෑරුම් නිදහස සපුරා ලීම ;
(ආ) ජාතික ජන ජීවිතයේ සියලු ආයතන විසින් සමාජ,
ආර්ථික හා දේශපාලන සාධාරණත්වය ගුරුකොට ගන්නා
සමාජ ක්‍රමයක් හැකිතාක් සාර්ථකව ඇති කර ආරක්ෂා
කර දීමෙන් ජනතා සුභ සිද්ධිය වර්ධනය කිරීම ;
(ඇ) ප්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස
පහසුව ද, ජීවන තත්ත්වයෙහි නිරන්තර වර්ධනය ද,
විවේකය හා සමාජයීය සහ සංස්කෘතික ඉඩ ප්‍රස්තා නිසි
පරිදි ප්‍රයෝජනයට ගැනීම ද ඇතුළුව ප්‍රමාණවත් ජීවන
මට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන්ට සහ තම
පවුල්වල සාමාජිකයන්ට අත්කර දීම ;
(ඈ) රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආර්ථික
ක්‍රියාවලියක් තුළින් සහ එකී ආර්ථික ක්‍රියාවලිය, රටේ
සමාජ අරමුණු හා පොදු අභිවෘද්ධිය අරභයා මෙහෙයවීම
සහ සම්බන්ධීකරණය පිණිස යෝග්‍යවන සැලසුම් සහ
පාලනය නීතියෙන් නියම කිරීමෙන් ශීඝ්‍ර ලෙස මුළු රට
සංවර්ධනය කිරීම ;
(ඉ) පොදුජන යහපතට ඉවහල්වන පරිදි ප්‍රජාවගේ භෞතික
සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර
සාධාරණ ලෙස බෙදා හැරීම ;
(ඊ) නිෂ්පාදනයේ, බෙදා හැරීමේ සහ හුවමාරු කිරීමේ
මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාද ලත්
අතළොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධ්‍යගත
නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන
ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයක් පිහිටුවීම ;
(උ) ජනතාවගේ සදාචාරයෙහිත්, සංස්කෘතියෙහිත්, තත්ත්වය
වැඩි දියුණු කිරීම සහ පෞරුෂත්වයෙහි පූර්ණ වර්ධනය
තහවුරු කිරීම ; සහ
(ඌ) නූගත්කම සහමුලින් ම තුරන් කිරීම සහ සියලු
රාජ්‍ය ප්‍රතිපත්තිය
මෙහෙයවීමේ මූලධර්ම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
19
තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවක දී ම සර්ව
සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය
සහතික කිරීම.
(3) ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, එක්සත් බව හා
දේශ පූර්ණත්වය ද රජය විසින් ආරක්ෂා කළ යුත්තේ ය.
(4) පරිපාලනය විමධ්‍යගත කිරීමෙන් සහ මහජන කටයුතුවලට
සහ පාලන කටයුතුවලට සෑම අවස්ථාවක ම ජනතාව සහභාගි
කරවා ගැනීමෙන් ආණ්ඩුවේ ප්‍රජාතන්තවාදී පදනම සහ ජනතාවගේ
ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් ද රජය විසින් තහවුරු කොට පුළුල් කළ
යුත්තේ ය.
(5) වාර්ගික, ආගමික, විවිධ භාෂා භාවිත කරන සහ වෙනත් ජන
කොට්ඨාස ඇතුළු ශ්‍රී ලංකා වාසී සකල ජනතාව අතර සහයෝගය
සහ අන්‍යොන්‍ය විශ්වාසය වඩාලීමෙන් ජාතියේ සමගිය තහවුරු කිරීම
ද, විශේෂ සැලකිලි සහ වෙනස්කම් තුරන් කිරීම සඳහා ඉගැන්වීම,
අධ්‍යාපනය දීම සහ ප්‍රවෘත්ති සැපයීම යන ක්ෂේත්‍රවල ඵලදායී පියවර
ගැනීම ද රජය විසින් කළ යුත්තේ ය.
(6) කිසිම පුරවැසියකු, වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී
පුරුෂ භේදය, දේශපාලන මතය හෝ රැකියාව හේතුවෙන් යම් කිසි
අශක්නුතාවකට පත් නොවන පරිදි පුරවැසියන්ට දියුණු වීමට සම
ප්‍රස්තාවන් සැලසීමට රජය වගබලා ගත යුත්තේ ය.
(7) ආර්ථික සහ සාමාජයික වරප්‍රසාද හා විෂමතා ද, මිනිසා
විසින් හෝ රජය විසින් හෝ මිනිස් ශ්‍රමය අයථා පරිදි උපයෝගී කර
ගැන්ම ද, රජය විසින් තුරන් කළ යුත්තේ ය.
(8) ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමේ දී ධනය සහ නිෂ්පාදන
මාර්ග පොදු ජනතාවට හානිකර වන සේ ඒකරාශි නොවන බවට
රජය වගබලා ගත යුත්තේ ය.
(9) සමාජ සුරක්ෂිතභාවය හා සුබසාධනය ඇති කිරීමට රජය
වගබලා ගත යුත්තේ ය.
(10) ජනතාවගේ භාෂා සහ සංස්කෘතීන් වර්ධනය කිරීමට රජය
සහාය විය යුත්තේ ය.
(11) ආගමක් අදහන කවරකු හට වුව ද, ස්වකීය ආගමික ප්‍රතිපත්ති
සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ආර්ථික හා සමාජ පරිසරය රජය විසින්
ඇති කළ යුත්තේ ය.
(12) පවුල, සමාජයේ මූලික ඒකකය වශයෙන් රජය විසින්
පිළිගෙන ආරක්ෂා කළ යුත්තේ ය.
(13) ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික
වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජයික
වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
20
ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර
කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ
ශුභ සිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුතුව වර්ධනය කළ
යුත්තේ ය.
(14) ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා
කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුත්තේ ය.
(15) ජාත්‍යන්තර සාමය, සුරක්ෂිතභාවය හා සහයෝගීතාව
වර්ධනය කිරීම ද, ජාතීන් අතර කටයුතුවල දී ජාත්‍යන්තර නීතිය සහ
ගිවිස ගත් බැඳීම් කෙරෙහි ගෞරවය ඇති කිරීමට උත්සාහ කිරීම ද,
ධර්මිෂ්ඨ හා සාධාරණ ජාත්‍යන්තර ආර්ථික හා සමාජ ක්‍රමයක් ඇති
කිරීමට උත්සාහ කිරීම ද රජය විසින් කළ යුත්තේ ය.
මෙහි ඇතුළත් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම,
ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමෙහි දී ද, ශ්‍රී
ලංකාවෙහි රාජ්‍යනුශාසනයෙහි දී ද, පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා
සහ අමාත්‍ය මණ්ඩලය විසින් ගුරුකොට ගනු ලබන්නේ ය.
මතු දැක්වෙන අරමුණ ද ඇතුළත් ව ප්‍රජාතාන්තික සමාජවාදී
සමාජයක් ශ්‍රී ලංකාවෙහි ඇති කිරීමට රජය ඇප කැප වී ඇත්තේ ය -
(අ) සියලු තැනැත්තන්ගේ ම මූලික අයිතිවාසිකම් සහ නන්
වැදෑරුම් නිදහස සපුරා ලීම ;
(ආ) ජාතික ජන ජීවිතයේ සියලු ආයතන විසින් සමාජ,
ආර්ථික හා දේශපාලන සාධාරණත්වය ගුරුකොට ගන්නා
සමාජ ක්‍රමයක් හැකිතාක් සාර්ථකව ඇති කර ආරක්ෂා
කර දීමෙන් ජනතා සුභ සිද්ධිය වර්ධනය කිරීම ;
(ඇ) ප්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස
පහසුව ද, ජීවන තත්ත්වයෙහි නිරන්තර වර්ධනය ද,
විවේකය හා සමාජයීය සහ සංස්කෘතික ඉඩ ප්‍රස්තා නිසි
පරිදි ප්‍රයෝජනයට ගැනීම ද ඇතුළුව ප්‍රමාණවත් ජීවන
මට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන්ට සහ තම
පවුල්වල සාමාජිකයන්ට අත්කර දීම ;
(ඈ) රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආර්ථික
ක්‍රියාවලියක් තුළින් සහ එකී ආර්ථික ක්‍රියාවලිය, රටේ
සමාජ අරමුණු හා පොදු අභිවෘද්ධිය අරභයා මෙහෙයවීම
සහ සම්බන්ධීකරණය පිණිස යෝග්‍යවන සැලසුම් සහ
පාලනය නීතියෙන් නියම කිරීමෙන් ශීඝ්‍ර ලෙස මුළු රට
සංවර්ධනය කිරීම ;
(ඉ) පොදුජන යහපතට ඉවහල්වන පරිදි ප්‍රජාවගේ භෞතික
සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර
සාධාරණ ලෙස බෙදා හැරීම ;
(ඊ) නිෂ්පාදනයේ, බෙදා හැරීමේ සහ හුවමාරු කිරීමේ
මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාද ලත්
අතළොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධ්‍යගත
නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන
ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයක් පිහිටුවීම ;
(උ) ජනතාවගේ සදාචාරයෙහිත්, සංස්කෘතියෙහිත්, තත්ත්වය
වැඩි දියුණු කිරීම සහ පෞරුෂත්වයෙහි පූර්ණ වර්ධනය
තහවුරු කිරීම ; සහ
(ඌ) නූගත්කම සහමුලින් ම තුරන් කිරීම සහ සියලු
රාජ්‍ය ප්‍රතිපත්තිය
මෙහෙයවීමේ මූලධර්ම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවක දී ම සර්ව
සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය
සහතික කිරීම.
ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, එක්සත් බව හා
දේශ පූර්ණත්වය ද රජය විසින් ආරක්ෂා කළ යුත්තේ ය.
පරිපාලනය විමධ්‍යගත කිරීමෙන් සහ මහජන කටයුතුවලට
සහ පාලන කටයුතුවලට සෑම අවස්ථාවක ම ජනතාව සහභාගි
කරවා ගැනීමෙන් ආණ්ඩුවේ ප්‍රජාතන්තවාදී පදනම සහ ජනතාවගේ
ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් ද රජය විසින් තහවුරු කොට පුළුල් කළ
යුත්තේ ය.
වාර්ගික, ආගමික, විවිධ භාෂා භාවිත කරන සහ වෙනත් ජන
කොට්ඨාස ඇතුළු ශ්‍රී ලංකා වාසී සකල ජනතාව අතර සහයෝගය
සහ අන්‍යොන්‍ය විශ්වාසය වඩාලීමෙන් ජාතියේ සමගිය තහවුරු කිරීම
ද, විශේෂ සැලකිලි සහ වෙනස්කම් තුරන් කිරීම සඳහා ඉගැන්වීම,
අධ්‍යාපනය දීම සහ ප්‍රවෘත්ති සැපයීම යන ක්ෂේත්‍රවල ඵලදායී පියවර
ගැනීම ද රජය විසින් කළ යුත්තේ ය.
කිසිම පුරවැසියකු, වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී
පුරුෂ භේදය, දේශපාලන මතය හෝ රැකියාව හේතුවෙන් යම් කිසි
අශක්නුතාවකට පත් නොවන පරිදි පුරවැසියන්ට දියුණු වීමට සම
ප්‍රස්තාවන් සැලසීමට රජය වගබලා ගත යුත්තේ ය.
ආර්ථික සහ සාමාජයික වරප්‍රසාද හා විෂමතා ද, මිනිසා
විසින් හෝ රජය විසින් හෝ මිනිස් ශ්‍රමය අයථා පරිදි උපයෝගී කර
ගැන්ම ද, රජය විසින් තුරන් කළ යුත්තේ ය.
ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමේ දී ධනය සහ නිෂ්පාදන
මාර්ග පොදු ජනතාවට හානිකර වන සේ ඒකරාශි නොවන බවට
රජය වගබලා ගත යුත්තේ ය.
සමාජ සුරක්ෂිතභාවය හා සුබසාධනය ඇති කිරීමට රජය
වගබලා ගත යුත්තේ ය.
ජනතාවගේ භාෂා සහ සංස්කෘතීන් වර්ධනය කිරීමට රජය
සහාය විය යුත්තේ ය.
ආගමක් අදහන කවරකු හට වුව ද, ස්වකීය ආගමික ප්‍රතිපත්ති
සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ආර්ථික හා සමාජ පරිසරය රජය විසින්
ඇති කළ යුත්තේ ය.
පවුල, සමාජයේ මූලික ඒකකය වශයෙන් රජය විසින්
පිළිගෙන ආරක්ෂා කළ යුත්තේ ය.
ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික
වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජයික
වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන්
ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර
කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ
ශුභ සිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුතුව වර්ධනය කළ
යුත්තේ ය
ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා
කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුත්තේ ය.
ජාත්‍යන්තර සාමය, සුරක්ෂිතභාවය හා සහයෝගීතාව
වර්ධනය කිරීම ද, ජාතීන් අතර කටයුතුවල දී ජාත්‍යන්තර නීතිය සහ
ගිවිස ගත් බැඳීම් කෙරෙහි ගෞරවය ඇති කිරීමට උත්සාහ කිරීම ද,
ධර්මිෂ්ඨ හා සාධාරණ ජාත්‍යන්තර ආර්ථික හා සමාජ ක්‍රමයක් ඇති
කිරීමට උත්සාහ කිරීම ද රජය විසින් කළ යුත්තේ ය